දේශීය

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 11,744ක් දක්වා ඉහළට

මේ වන විට මෙරට සමස්ත කොවිඩ් අසාදිතයින් සංඛ්‍යාව 11,744ක් දක්වා ඉහළ ගොස් ඇත. 6,140දෙනෙක් රෝහල් තුළ ප්‍රතිකාර ලබන අතර ආසාදිතයින් 5,581දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඊයේ (03) සිදුවූ කොවිඩ් මරණ දෙකත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 23ක් වේ.

මිනුවන්ගොඩ හා පෑලිගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8,266ක් දක්වා ඉහළ ගොස් ඇත.ඒ ඊයේ දින එම කොවිඩ් පොකුරෙන් හඳුනා ගත් තවත් ආසාදිතයින් 409ක් එක් වීමත් සමඟයි.

මේ වන විට මෙරට සියලු දිස්ත්‍රිකක්යන්ගෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇත.

මහජනතාවට කොවිඩ් වෛරසය පැතිරීම වැළැක්වීමේ කාර්යයට පහසුවෙන් සම්බන්ධවීමට ක්‍ෂණික දුරකථන අංක කිහිපයක් සෞඛ්‍ය අංශ විසින් හඳුන්වා දී තිබෙනවා. 011 2 86 00 02, 011 2 86 00 03 හා 011 2 86 00 04 මෙම අංක හරහා සම්බන්ධ විය හැක. 

එසේම 011 3 68 86 64 සහ 011 3 03 08 64 මෙම අංක දෙක හරහා සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශ සමග මහජනතාවට සම්බන්ධ විය හැක. 

011 4 05 59 32 අංකය හරහා නාවුක හා ගුවන් හමුදා කාර්යය භාර නිලධාරීන් සමඟ මහ ජනතාවට සම්බන්ධ විය හැක.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *