දේශීය

වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරියෙකු ඇතුළු 7කට කොරෝනා

වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරියෙකු, සිරකරුවන් දෙදෙනකු සහ කාන්තා සැකකාරියන් සිව් දෙනෙකුගේ අහඹු ලෙස සිදු කළ PCR පරීක්ෂණ ප්‍රතිඵල අනුව  කොරෝනා ආසාදනය වී ඇති බව බන්ධනාගාර කොමාසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

ආසාදිත සැකකාරියන් සහ සිරකරුවන් වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති අතර ආසාදිත නිලධරියා IDH රෝහලට යොමු කර ඇත.

කාන්තා අංශයේ සියලු සැකකාරියන් PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ආසාදිතයින් හමුවූ සියළුම වාට්ටු වසා දමා එහි සිටි සියලු සිරකරුවන් බන්ධනාගාරය තුළම වෙනත් ස්ථානයක වෙන් කර තැබීමට පියවර ගත් බව කොමාසාරිස්වරයා පවසයි.

ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ ඊයේ ( 05 ) දිනය වන විට පුද්ගලයින් 6350 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කර ඇති බවත් ආසාදිතයින් පිරිස තවදුරටත් ඉහළ ගියහොත් සුදුසු ක්‍රියා මාර්ග ගැනීමට පියවර ගන්නා බවත් කොමසාරිස්වරයා වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *