සමස්ත ආසාදිතයින් ගණන 12,970ක් දක්වා ඉහළට
මෙරට සමස්ත කෙවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයින් 12,970ක් දක්වා ඉහළ යන ලදි. ඒ ඊයේ (06) ආසාදිතයින් 400ක් වාර්තා වීමත් සමඟයි.
ඊයේ හඳුනාගත් ආසාද්තයින් අතර මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයින් සිටි බැවින් එම පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 9,492ක් වේ.
මේ දක්වා පූර්ණ සුවය ලැබූ ආසාදිතයින් ගණන 7,186ක් වන අතර මේ වන විටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 5,754ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඊයේ දින මෝදර ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණයෙක් මියයාමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 30කි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
