දේශීය

මෙරට කොවිඩ් තතු

කොවිඩ් වෛරසයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 64,983 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (01) තවත් නව ආසාදිතයින් 816 දෙනෙක් හඳුනා ගැනීමත් සමගින්.

වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 58,075 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බවත් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 6,585 බවත් සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 323 ක් වේ.

කොවිඩ් රෝගීන් වාර්තාවන සංඛ්‍යා දත්ත අනුව රටවල් පෙල ගැස්වූ ලැයිස්තුවේ මේ වන විට ශ්‍රී ලංකාව අනූව වන තැන සිටී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *