අද කාලගුණය
අද (08) බස්නාහිර, සබරගමුව, මධ්‍යම,දකුණු සහ වයඹ පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උදෑසන කාලයේදී නැගෙනහිර සහ උතුරු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල වැසි ඇති වන බවත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිකුත් කරන ලද නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තුවිය හැකිය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
