දේශීය

ජනපතිගෙන්, අගමැතිගෙන් සහ විපක්ෂ නායකගෙන් ජෝ බයිඩ්න්ට සුබ පැතුම්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇමරිකාවේ 46වන ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න්හට සුබ පැතුම් එක්කර තිබේ.

ඉදිරියේ දී ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.

ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ජෝ බයිඩ්න්ට සහ උප ජනාධිපති ධුරයට පත්වීමට නියමිත කමලා හැරිස් වෙත ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතාද සුභ පැතුම් එක්කර තිබේ.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ජෝ බයිඩ්න්ට සුබ පැතුම් එක් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *