දේශීය

තාවකාලිකව වැසූ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව අද සිට විවෘතයි

අද (09) සිට  සීමිත රාජකාරී කිහිපයක් සඳහා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු, අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට තීරණය කර ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදකයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

පසුු ගිය 05වන දින කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරි කටයුතු තාවකාලිකව අත්හිටු හිටුවීමට තීරණය කළේ කොවිඩ් ආසාදිතයින් 03දෙනෙක් හමුවීමත් සමඟයි.

ඇඳිරි නීති ලිහිල් කිරීමත් සමඟ විෂබීජහරණය කරමින් සීමිත රාජකාරී කිහිපයක් සඳහා මධ්‍යම තැපැල් හුවමාරුව මෙසේ විවෘත කර ඇත.

  • ජාත්‍යන්තර අදිවේගී තැපැල්
  • ව්‍යාපාරික තැපැල්
  • දේශීය අධිවේගී කුරියර් සේවා

අද සිටමෙහෙයුම් කටයුතු සඳහා විවෘතව ඇත.

ලියාපදිංචි ලිපි සඳහා ලබන අඟහරුවාදා (10)  විවෘත කිරීමට තීරණය කර ඇත.

තදාසන්න ප්‍රදේශවල රජයේ කාර්යාල වෙත ලියාපදිංචි ලිපි බෙදීමේ කටයුතු 11 වනදා සිට ආරම්භ කිරීමට  තීරණය කර ඇත.

011 – 23 20 700 යන අංකයට අමතා රජයේ හෝ පෞද්ගලික ආයතන සඳහා මුද්දර යන්ත්‍ර සම්බන්ධව විමසීමට පහසුකම් සළසා ඇත.

කෙසේ වෙතත් සීමිත කාර්ය මණ්ඩලයක් සේවයේ යෙදීම හේතුවෙන් රාජකාරී කටයුතුවල ප්‍රමාදයක් දක්නට ඇතිවීමට ඉඩ ඇති බවද සඳහන් කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?