දේශීය

රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිධුරයට අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්වේ

අද (09) පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක රාජ්‍ය මුදල් කාරක සභාව රැස්විය.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස තෝරා පත්කර ගෙන ඇත.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නම යෝජනා කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා විසින් එම යෝජනාව ස්ථිර කළ බව වාර්තා වේ.මේ අවස්තාව සඳහා මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වී ඇත.

පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයට අදාළ මුදල් කාරක සභාවේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳ ප්‍රධාන වශයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති අතර ලබන 12 වැනිදා නැවත කාරක සභාව රැස්වීමට නියමිතය. එහි දී 2021 විසර්ජන පනත් කෙටුම්පත සාකච්ඡාවට ගැනීමට නියමිත වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *