ඇමරිකාවේ ළමුන් අතර කොවිඩ් වෛරසය ඉහළට
පසුගිය සතිය තුළදී කොවිඩ් වෛරසයට ඇමරිකාවේ ළමුන් 74,000කට වැඩි පිරිසක් ගොදුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ළමා රෝග පිළිබඳ ඇමරිකානු ඇකඩමිය පෙන්වා දෙන්නේ වසංගත ව්‍යාප්තිය තුළ එක් සතියකදී වාර්තා වූ ඉහළම ළමා ආසාදිතයන් සංඛ්‍යාව මෙය වන බවයි.
ඇමරිකාවේ සමස්ථ ආසාදිතයන් අතරින් සියයට 11ක් ඉක්මවූ ප්‍රතිශතයක් ළමුන් බව ළමා රෝග පිළිබඳ ඇමරිකානු ඇකඩමිය වැඩි දුරටත් සඳහන් කරයි.
මේ වන විට ඇමරිකාවේ සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 10,421,956ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඇමරිකාවේ මේ වන විට සිදුව ඇති සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 244,448ක් වන අතර තවත් පුද්ගලයින් 6,552,610ක් පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
