අදත් දිවයියේ ප්‍රදේශ කිහිපයකට වැසි
අදත් දිවයියේ ප්‍රදේශ කිහිපයකට සවස් වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මි.මී 100ට වැඩි තද වැසි සබරගමුව, මධ්‍යම, දකුණු , බස්නාහිර හා වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට ඇති විය හැකි බවත් උතුරු හා නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දීත් තැනින් තැන වැසි ඇතිවිය හැකි බව වැඩි දුරටත් දන්වා සිටි.
තාවකාලික තද සුළං හා අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඒ පිළිබඳ අවදානයෙන් සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
