තවත් කොවිඩ් මරණ දෙකක් – සමස්ත මරණ සංඛ්‍යව 44 දක්වා ඉහළට
තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වි ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
කොළඹ 11 ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මිය ගොස් ඇත.මෙම පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මරණයට හේතුව ලෙස දක්වා සිටියේ කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධයකි.
එලෙසම කැලණිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක් කොවිඩ් වෛරසය ආසාදිතයෙක් ලෙස හදුනා ගැනීමත් සමඟ, පසු ගිය 11වන දා හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර බවමින් සිට ඇත. මෙම පුද්ගලයාගේ මරණයට හේතුව වී ඇත්තේ ද කොවිඩ් වෛරසය ආසාදනය උත්සන්න වීමෙන් ඇති වූ හෘදයාබාධයකි.
මේ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
