දේශීය

බස්නාහිර පාළාතෙන් පිටවීම තහනම්

ඊයේ (11) රාත්‍රියේ සිට ලබන 15වන දා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා බස්නාහිර පළාතෙන් පිටතට යාමට කිිසිවෙකුටත් අවසර නොලැබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

බස්නාහිර පළාතෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම වැඩි වීම හේතුවෙන්, වෛරසයේ ව්‍යාප්තිය අවම කිරිම සඳහා මෙම පියවර ගෙන ඇති බව සඳහන් කරයි.

එහි දී බස්නාහිර පළාතට ඇතුළු වීමට අවසර ඇති අතර පිටවීමට කිසිවෙකුටත් අවසර හිමිවනනේ නැති බවත් එය සියලු දෙනාටම පොදු බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන ලඳි.

ඒ අනුව මෙම තීරණයත් සමග ලංගම සහ බස් රථ සේවාද සීමා කිරීමට ප‍්‍රවාහන බලධාරීන් තීරණය කර ඇත. ලංකා ගමනා මණ්ඩලය හා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කර සිටියේ බස්නාහිර පළාතට පැමිණෙන සහ අනෙකුත් පළාත් බලා පිටවන සියළුම බස් රථ සේවා ඉරිදා මධ්‍යම රාති‍්‍රය දක්වා අත්හිටුවා ඇති බවයි. 

බස් රථ ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා සදහන් කළේ පිට පළාත්වල සිට බස්නාහිර පළාතට පැමිණීමට නියමිත සියළු බස් රථවලට ධාවන වාර නතර කරන ලෙස දැනුම් දී ඇති බවයි. පළාත් සීමාවට පමණක් පැමිණීමෙන් ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීමට මින් හැකි වේ.

එසේම ලබන ඉරිදා මධ්‍යම රාති‍්‍රය දක්වා දුම්රිය ධාවනය ද සංශෝධනය කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා සඳහන් කරයි. බෙලිඅත්ත, මහනුවර, මහව, පුත්තලම, අවිස්සාවේල්ල යන දුම්රිය ස්ථානවලින් ගමන් ආරම්භ කරන සහ එම මාර්ගවල ධාවනය කරන සෙසු දුම්රියන්ට අද පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත ළගාවීමට අවසර දී ඇත. 

පස්වරුවේ ධාවනය වීමට නියමිත දුම්රියන්ට ධාවනය කිරීමට අවසර ලබාදී ඇත්තේ අලූත්ගම, අඹේපුස්ස, කොච්චිකඬේ, අවිස්සාවේල්ල දක්වායි. 

ප‍්‍රාදේශීය වශයෙන් ධාවනය වන සියළු දුම්රියන් නියමිත පරිදි ධාවනය කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදි. මේ අතර බස්නාහිර පළාතේ සිට දක්‍ෂිණ අධිවේගී මාර්ගය හරහාද පිට පළාත්වලට පිවිසීමට ඇති අවස්ථා අවහිර කිරීමටද තීරණය කර තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *