දේශීය

මෙරට 41වන කොවිඩ් මරණය

තවත් කොවිඩ් මරණයක් වාර්තා විය.

ඊයේ දින මෙරට්න් කොවිඩ් මරණ 04ක් වාර්තා වූ අතර තවත් කොවිඩ් මරණයක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.මෙම පුද්ගලයා නිවෙස් දී මරණයට පත්ව ඇත.

දීර්ඝ කාලීනව පැවති පිළිකා රෝගී තත්ත්වය කොවිඩ් ආසාදනය හේතුවෙන් උත්සන්න වී මරණයට පත්ව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු වී ඇති බව සඳහන් වේ.

මෙම මරණයත් සමඟ මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 41දක්වා ඉහළ යන ලදි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *