දේශීය

කොවිඩ් ආසාදිතයින් 63ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වර්තාවේ

කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 63ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වර්තා වී ඇත.

මෙලෙස වාර්තා වූ ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20 තුළින් වාර්තා වී ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා විසින්  ප්‍රකාශ කර ඇත.

එසේම පවුල් 900ක් මේ වන විට නිරෝධායනය කර ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, පොලීසිය, හමුදාව සහ ප්‍රාදේශීය ලේකම්වරු එක්ව කමිටු පිහිටුවා මෙම වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව ද එම මහතා විසින් වැඩිදුරටත් සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *