දේශීයවිදේශීය

ගෝලීය නවතම තතු – COVID -19

ගෝලිය වශයෙන් මේ වන වට වාර්තා වන කොවිඩ් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 51,810,112ක් දක්වා ඉහළ ගොස් ඇත.

ආසාදිතයින් 36,394,874ක් මේ වන විට සුවය ලබා ඇති අතර වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 1,279,531ක් වේ.

වෛරසය ව්‍යාප්ත වූ රටවල් ලැයිස්තුවේ දහවන තැන මෙක්සිකෝව සිටි අතර මේ වන විට මෙක්සිකෝව එකොළොස්වන තැනට ගොස් ඉතාලිය දහවන තැනට පැමිණ ඇත. ඒ ඉතාලියෙන් ආසාදිතයින් වැඩි පිරිසක් වාර්තා වීමත් සමඟයි.

එසේම මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇත. ඒ සමස්ත ආසාදිතයින් 14,715ක් වාර්තා වීමත් සමඟින්ය.

පූර්ණ සුවය ලබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9,537ක් වන අතර 5,137ක් ආසාදිතයින් රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටි.

ඊයේ මරණ 04ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 41දක්වා ඉහළ යන ලදි.

එසේම අද වන විට ගෝලීය කොවිඩ් වෛරසය ව්‍යාප්ත වූ රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව 102වන තැනට පැමිණ ඇත.

COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *