දීපවාලී උත්සවය සමයේ කොවිඩ් ව්‍යාප්තිය අවම කිරීමට වැඩ පිළිවෙළක්
මෙවර දීපවාලී උත්සවය එළඹෙන 14 වනදා සැමරීමට නියමිතව ඇත.
එහිදි වතුකරයේ ජනතාව අතර හා හින්දු ප්‍රජාව අතර කොවිඩ් වෛරසය ව්‍යාප්තවීමේ වැඩි ප්රවනතාවයක් පවතින බැවින් ඒ පිළිබඳ අවදානය යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම උත්සවය සැමරිය යුතු ආකාරය පිළිබඳ සෞඛ්‍ය උපදෙස් හා නිර්දේශයන් කිහිපයක් හින්දු නායකයින් හා ප්‍රජා නායකයින් ඇතුලු හින්දු ආගමික ජනතාවට ලබාදිමට කටයුතු කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් හා උපදෙස්වලට අනුව දීපවාලී උත්සවය සමරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හින්දු ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ අනුව,
- මෙම දීපවාලී උත්සව සමයේ දී යහපත් හැඟීම් රඳවා තබා ගැනීමටත්, උත්සව සමය තුළ එක් හින්දු භක්තිකයෙකුට වත් වෛරසය ආසාදනය නොවීමට වගබලා ගත යුතුය.
- ජනතාව එක්රැස් නොවී දැනට සිටින ස්ථාන වලම රැඳී සිටිය යුතුය. කොළඹ, ගම්පහ, කළුතර වැනි ඉහළ අවදානම් සහිත ප්‍රදේශවලින් ඔබේ ගමේ සිටින ආදරණීයයන්ට ආසාදනය
පැතිරවීමෙන් වැළකී සිටිය යුතුය.
- දුර ගමන් නොගොස් නිවසේ රැදී සිටිමින් දීපවාලී උත්සවය සැමරිය යුතුය.
- පවුලේ සාමාජිකයින්ට, මිතුරන්ට සහ නෑදෑයින්ට දුරකථනයෙන් අමතා සුබ පැතීමට කටයුතු කළ යුතුය.
- කෝවිල්වල, ප්‍රජාවන්හි හෝ වතු ආශ්‍රිතව ආගමික උත්සව නොපැවැත්විය යුතුයි.
- වහා ගිණි ඇවිලෙන සුළු ඇල්කොහොල් සහිත දෑත් සනීපාරක්ෂක දියර භාවිත කරමින් ආලෝක ලාම්පු දැල්වීම නොකරන්න. ආගමික කටයුතුවලට පෙර සහ පසු අත් සබන් හා ජලය යොදා
සෝදන්න. - අතට අත දීමෙන් සහ වැළැදගැනීමෙන් තොරව “ආයුබෝවන් / වනක්කම්” යැයි කියමින් හෝ වෙනත් ආකාරයකින් ආචාර කිරීම සුදුසුය.
- මෙම උත්සව සමයේදී මත්පැන් හා දුම්වැටි භාවිත කරමින් සාද නොපැවැත්විය යුතුය.
මෙම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් හා උපදෙස්වලට අනුව දීපවාලී උත්සවය සමරමින් කොවිඩ් වෛරසය ව්‍යාප්තිය අවම කර ගැනීමට සියලුදෙනා වගකීමෙන් කටයුතු කරන ලෙසත් එම අමාත්‍යංශය සඳහන් කර සිටි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
