විදෙස්ගත ශ්‍රී ලාංකීකයින් 98ක් කොවිඩ් නිසා මිය යයි
විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 98 දෙනෙකු කොවිඩ් වෛරසය හේතුවෙන් මරණයට පත්ව ඇති බව වාර්තා වී ඇත.
විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ මෙලෙස මරණයට පත් වූ පිරිස අතරින් වැඩි පිරිසක් වාර්තා වනනේ මැද පෙරදග රටවල් වලින් බවයි .
ඒ අනුව,
සෞදි අරාබියේ දී ශ්‍රී ලාංකිකයින් 35දෙනෙක්,
කුවෙට්හිදී ශ්‍රී ලාංකිකයින් 21දෙනෙක්,
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ශ්‍රී ලාංකිකයින් 10දෙනෙක්,
කටාර්හිදී ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙක්,
බ්‍රිතාන්‍යයේ දී ශ්‍රී ලාංකිකයින් 05දෙනෙක්,
අමෙරිකාවේ දී ශ්‍රී ලාංකිකයින් 04 දෙනෙක්,
කැනඩාවේ දී ශ්‍රී ලාංකිකයින් 04 දෙනෙක් හා
බහරේන්, ජෝර්දාන් , ජර්මනිය සහ ඉතාලිය යන රටවල් වලින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා බැගින් ද ඊශ්‍රායලයේදී එක් ශ්‍රී ලාංකිකයෙකු ද මෙලෙස මරණයට පත්ව ඇති බව විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
