දේශීය

බේරුවලින් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක්

අද (13) බේරුවල, මොරගල්ල ගොඩැල්ල ප්‍රදේශයේ හා අලුත්ගම, දර්ගා නගරයේ බප්පුගොඩ ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා සඳහන් කරයි.

බේරුවල මොරගල්ල ගොඩැල්ල ප්‍රදේශය පදිංචි පුද්ගලයා ධීවරයකි. ඔහු අම්බලන්ගොඩ ධීවර වරායේ දී අහඹු ලෙස පී.සී.ආර් පරීක්ෂණයට යොමු කර ඇති අතර එහිදී ආසාදිතයෙක් බවට තහවුරු වී ඇත.ඔහුව නිරෝධායනය කටයුතු සඳහා රෝහල් ගත කර ඇති අතර පවුලේ සාමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

අලුත්ගම ග්‍රාමීය රෝහලේ පවිත්‍රතා අංශයේ සේවකයාවද නිරෝධායන කටයුතු සඳහා රෝහල් ගත කර අතර එම රෝහලේ සේවය කළ තවත් පවිත්‍රතා අංශයේ සේවකයෙකු ඇතුලු පවුලේ සියලු දෙනා නිරෝධායනයට ලක් කර තිබේ.

මේ වන විට කොවිඩ් ආසාදිතයින් 76 දෙනකු පමණ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වී ඇති බව ද සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *