දේශීය

තවත් කොවිඩ් මරණ 05ක් – සමස්ත මරණ සංඛ්‍යාව 53 දක්වා ඉහළට

ඊයේ (13) මෙරට් කොවිඩ් මරණ 05ක් වාර්තා වී ඇත. ඒත් සමඟ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 53 දක්වා ඉහළ යන ලදි.

මෙම මිය ගිය පිරිස අතරින් තිදෙනෙක් ම මියගොස් ඇත්තේ නිවස තුළයි.අවුරුදු 83ක් වයසැති කාන්තාවක් සහ අවුරුදු 78 හා 64 වියේ පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කරන්නේ.

එම පුද්ගලයන් තිදෙනා කොළඹ 13 සහ 14 යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර රුධිර පීඩනය, දියවැඩියාව, ඇදුම යන රෝගවලට ගොදුරු වී සිටි බවයි සදහන් වන්නේ.

68 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද හලාවත දිස්ත්‍රික් රෝහලේ සිට මුල්ලේරියාව රෝහලට මාරුකොට යවා තිබියදී මියගොස් ඇති අතර හේතුව ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය උත්සන්න වීම හා මොළයට රුධිර වහනය වීමයි.

69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු පුද්ගලයෙකු පපුවේ වේදනාවක් හේතුවෙන් රෝහල් ගත කිරිමේදී ජිවිතක්ෂයට පත්ව ඇත. එම පුද්ගලයා රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

මේ මරණ සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?