ගල්කිස්සෙන් මළ සිරුරක් සොයා ගැනේ
අද (13) ගල්කිස්ස ප්‍රදේශයේ ගාලු පාර ආසන්නයේ අතුරු පාරක තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන ඇත.
ගල්කිස්ස පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර 80 හැවිරිදි ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මෙලෙස මිය ගොස් ඇති බව අනාවරණය වී ඇත.
කළුබෝවිල ශික්ෂණ රෝහලේ මේ වන විට මෙම මළ සිරුර තැන්පත් කර ඇති අතර මරණය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මක බව සඳහන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
