ශ්‍රී ලාංකික සංචාරකයින්හට විදේශ අමාත්‍යාංශයෙන් අනතුරු ඇඟවීමක්
පවතින කොවිඩ් වෛරසය හේතුවෙන් විදේශ අමාත්‍යාංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, ශ්‍රී ලාංකික සංචාරකයින්හට අනතුරු ඇඟවීමක් කර ඇත.ඊට අදාළ කරුණු පහතින් දැක්වේ.
ශ්‍රී ලංකාවට හෝ වෙනත් ඕනෑම තෙවැනි රටකට ඇතුළුවීමට අවසර ලබාදීම සඳහා ගෙවීම්/ගාස්තු හෝ ඕනෑම ආකාරයක මූල්‍යමය අයකිරීමක් ඉල්ලා සිටින පුද්ගලයින්ගෙන් ප්‍රවේශම්වන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටතටයන සියලුම සංචාරකයින්ගෙන් ඉල්ලා සිටි.
අදාළ රාජ්‍ය ආයතනවලට හැර, ශ්‍රී ලංකාවට ඇතුළුවීමට හෝ පිටවීමට පහසුකම් සැළසීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට අවසර දී නොමැති බව විදේශ අමාත්‍යාංශය මෙයින් ප්‍රකිශ කර සිටී.
මෙරට තුළ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද, නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් අවදානමට ලක්විය හැකි සහ සුදුසුම පුද්ගලයන්ට ප්‍රමුඛතාවය දෙමින් ඉදිරි සතිවල දී නැවත ආරම්භ කෙරෙන බවද දන්වා සිටි.
විදේශ රටවල පදිංචිව සිටින අයට වැඩිදුර සත්‍ය තොරතුරු ලබාගැනීම සඳහා ඔබේ ළඟම ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හෝ කොන්සල් ජනරාල් කාර්යාලය අමතන ලෙසද සඳහන් කර ඇති අතර එසේ නැතහොත් https://www.contactsrilanka.mfa.gov.lk/ යන වෙබ් ලිපිනයෙහි පිහිටි ‘ශ්‍රී ලංකාව අමතන්න’ අන්තර්ජාල ද්වාරය වෙත යොමු කරන්න.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
