මහයියාව පුහුණු මධ්‍යස්ථානය ජාත්‍යන්තර මට්ටමට ගෙන එනවා – අමාත්‍ය නාමල් රාජපක්ෂ
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (14) මහනුවර, මහයියාව, වේවැල්පිටිය බර ඉසිලීම් පුහුණු මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරථ වුනා.
එම මධ්‍යස්ථානයේ පුහුණුකරු ආර් බී වික්‍රමසිංහ මහතා සමග මධ්‍යස්ථානයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබද කතිකා කළ රාජපක්ෂ මහතා එම මධ්‍යස්ථානය දෙමහල් ගොඩනැගිල්ලක් බවට පත් කරමින් අංග සම්පූර්ණ ජාත්‍යන්තර මට්ටමේ පුහුණු මධ්‍යස්ථානයක් බවට සංවර්ධනය කිරීමට එහිදී පොරොන්දු වුනා.

මෙම අවස්ථාවට දිලුම් අමුණුගම සහ තේනුක විදානගමගේ යන අමාත්‍යවරු එක්ව සිටියා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
