රුමේනියාවේ කොවිඩ් රෝහලක ගින්නක් – දහදෙනෙක් මරුට
රුමේනියාවේ කොවිඩ් වෛරස ආසාදිතයින්ට ප්‍රතිකාර කරන රෝහලක ගින්නක් හට ගෙන ඇත.
එරට රජයේ රෝහලක දැඩිසත්කාර ඒකකයේ මෙම ගින්න හටගෙන ඇති අතර පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බවත් වෛද්‍යවරටයකු ද මෙම ගින්නෙන් බරපතල පිලිස්සුම් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියගිය පුද්ගලයින් සියලු දෙනා කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි අය බවත් සිද්ධියෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටි අනෙකුත් රෝගීන් වෙනත් රෝහලක් වෙත මාරුකර යවා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
