කොවිඩ් වෛරසය හේතුවෙන් හුදකලා කෙරෙන හා හුදකලාවෙන් මිදෙන ප්‍රදේශ
හෙට (16) උදෑසන 05සිට නැවත දානුම් දෙන තුරු කොළඹ දිස්ත්‍රික්කයේ පහත සඳහන් යන පොලිස් බල ප්‍රදේශ, හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.
- මරදාන පොලිස් වසම
- කොටුව පොලිස් වසම
- පිටකොටුව පොලිස් වසම
- කොම්පඤ්ඤ වීදිය පොලිස් වසම
- ඩෑම් වීදිය පොලිස් වසම
ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වන විට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර ඇති පොලිස් වසම් අතරින් පහත දැක්වෙන් පොලිස් වසම් හැර ඉතිරි ප්‍රදේශයන් හුදකලා තත්ත්වයෙන් හෙට උදෑසන 5.00ට මුදා හරිනු බව දැනුම් දී ඇත. පහත සඳහන් ප්‍රදේශ හුදකලා තත්ත්වයේ පවති.
- මීගමුව පොලිස් වසම
- ජ-ඇල පොලිස් වසම
- රාගම පොලිස් වසම
- කඩවත පොලිස් වසම
- වත්තල පොලිස් වසම
- පෑලියගෙයඩ පොලිස් වසම
- කැලණිය පොලිස් වසම
එසේම මේ වන විට හුදකලා කර ඇති පහත සඳහන් පොලිස් වසම් හෙට (16) උදෑසන 5.00 සිට හුදකලාබවින් ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්තානය දන්වා සිටියි.
කුරුණෑගල දිස්ත්‍රික්කය
- කුරුණෑගල මහ නගර සභා සීමාව
- කුලියාපිටිය පොලිස් වසම
කලුතර දිස්ත්‍රික්කය
- හොරණ පොලිස් වසම
- ඉංගිරිය පොලිස් වසම
- වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී වසම
කෑගල්ල දිස්ත්‍රික්කය
- රුවන්වැල්ල පොලිස් වසම
- මාවනැල්ල පොලිස් වසම
පවතින කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීම සඳමහා හුදකලා කෙරෙන හා හුදකලාවෙන් මිදෙන ප්‍රදේශ පිළිබඳ රජය විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.
Please follow and like us: