නඩු කොවිඩ් නිසා කල්යයි
කොළඹ ත්රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබූ සියලු නඩු නිරෝධායන ඇඳිරිනීතිය අවසන් වීමෙන් පසුව කැඳවන බව එම අධිකරණය විසින් නිවේදනය කර ඇත.
අද (17) කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ නඩුව කැදවීමට නියමිතව විය.
නමුත් පවතින ඇඳරි නීති තත්තවය හේතුවෙන් ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු කැඳවීමක් නොකරන ලදි.අධිකරණයේ පවතින නඩු නිරෝධායන ඇඳිරිනීතිය අවසන් වීමෙන් පසුව කැඳවන බව දන්වමින් අධිකරණයේ රෙජිස්ට්රාර්වරයා විසින් නිවේදනයක් අධිකරණ භූමියේ පළකර තිබිණි.
නිරෝධායන ඇඳිරිනීති අවසන් වීමෙන් පසුව කැඳවීමට නියමිතව තිබූ නඩු යළි කැඳවනු ලබන බවද ඊට අදාළ දින පසුව ප්රසිද්ධියට පත් කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
