විදේශීය

කොවිඩ් උග්‍රවේ – නිව්යෝක් පාසල් වසා දමයි

ගෝලීය කොවිඩ් වෛරසය ව්‍යාප්ත වූ රටවල් අතර පළමු තැන ගෙන ඇත්තේ ඇමරිකාවයි. ඒ වැඩිම ආසාදිතයින් පිරිසක් එරටින් වාර්තා වීමත් සමඟිනි.

මේ වන විට නිව්යොක් නගරයේ මෙම වෛරස ව්‍යාප්තියේ මූලිකස්ථානය ගෙන ඇති අතර පාසල් වියේ ළමුන් අතර වෛරසය පැතිර යාම ඉහළ ගොස් ඇත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ළමුන් ලක්ෂ 03කට පමණ මෙම වෛරසය ආසාදනය වීම හේතුවෙන් වෛරස ව්‍යාප්තියේ අවධානම අවම කර ගැනීම සඳහා අද සිට නිව්යෝක් නගරයේ සියලුම පාසල් පද්ධති වසා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පාසල් ළමුන් අතර වෛරසය සීග්‍රයෙන් පැතිරී ඇති බවත් නිව්යොක් නගරයෙන් ආසාදිතයින් වැඩි පිරිසක් හා 35,000 කට ආසනන් පිරිසක් මරණයට පත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *