විදේශීය

සුඩානයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහි වූ උද්ඝෝෂකයින්ට වෙඩි

කුමන්ත්‍රණයකින් බලය අත්පත් කරගත් සුඩාන හමුදා පාලකයින්ට එරෙහිව එරට ජනතාව විරෝධතා ආරම්භ කර තිබේ.

සුඩානයේ හමුදා කුමන්ත්‍රණය අතරතුර සිදුවූ විරෝධතාවලදී පුද්ගලයන් 7දෙනෙකු මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ හමුදා සාමාජිකයන් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් 140කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

ජෙනරල් අබ්දෙල් ෆටා ප්‍රමුඛ හමුදාව, සුඩාන අග්‍රාමාත්‍ය අබ්දල්ලා හම්ඩොක් ඇතුළු පවුලේ සාමාජිකයින් මෙන්ම රජයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් ඊයේ (25) උදෑසන නිවාස අඩස්සියට ගනු ලැබුණි.

අනතුරුව සිවිල් පාලනය විසුරුවා හරින බව ප්‍රකාශ කළ හමුදාව රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය.

අන්තර්ජාල සබඳතා මෙන්ම දුරකතන සබඳතා ද අවහිර කරමින් සුඩානයේ ගුවන් තොටුපළ වසා දමා ජාත්‍යන්තර ගුවන් ගමන් ද අත්හිටුවා ඇත.

හමුදා පාලනයට එරෙහි වූ සුඩාන මහ බැංකු කාර්ය මණ්ඩලය ද වැඩවර්ජනයක් ආරම්භ කර ඇති අතර වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල හදිසි අවස්ථාවලදී හැර රෝහල්වල ප්‍රතිකාර සේවාවලින් ඉවත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. .

සුඩාන හමුදා කුමන්ත්‍රණය ජාත්‍යන්තරයේ දැඩි විවේචනයට ලක්ව ඇති අතර එය මුල් කරගෙන අමෙරිකාව සුඩානයට ලබාදෙන ඩොලර් මිලියන 700ක ආධාර මුදලක් ද අත්හිටුවා ඇති බව වාර්තා වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?