තවත් ආසාදිතයින් 368ක් සුවය ලබයි
කොවිඩ් ආසාදිතයින් 368ක් අද (20 ) සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
මේ වන විට සමස්ත පුද්ගලයින් 13,271ක් පූර්ණ සුවය ලබා ඇති අතර ආසාදිතයින් 5,497දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 34 ක ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බවයි.
ඒ අනුව මෙරට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 18,841කි.
ඊයේ ( 19 ) සිදුවු කොවිඩ් මරණ 4 සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 73ක් දක්වා ඉහළ ගියේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
