පොලිස් කොස්තාපල්වරයෙකු අනතුරට ලක් කළ රියදුරු අත්අඩංගුවට
හික්කඩුව නගරයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අනතුරට ලක්කර පලාගිය වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ හික්කඩුව පොලීසියට අනුයුක්තව සේවයේ නිරත මෙම පොලිස් කොස්තාපල්වරයා රථ වාහන රාජකාරියේ යෙදී සිටියදී සුදු ඉර කපා අදාල වෑන් රථය ධාවනය කර ඇති අතර එය නැවැත්වීමට උත්සහ කිරීමේදී අදාළ අනතුර සිදුව ඇති බවයි.
ඉන් බරපතල තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බද්දේගම තෙලිකඩ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයකි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
