දේශීය

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් 05 දෙනෙකුට කොවිඩ්

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් 05 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව උතුර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ.කේතීස්වරන් මහතා පවසයි.

ඔවුන්ගේ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

යාපනය ශික්ෂණ රෝහලේදී පෙරේදා PCR පරීක්ෂණ 373 ක් සිදු කර ඇති අතර යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් 05 දෙනෙකු සහ තවත් පුද්ගලයෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *