දේශීය

IDHහි ප්‍රතිකාර ලබමින් සිටි මව සහ පුතු රෝහලෙන් පැන යයි

කොවිඩ් වෛරසය ආසාදනය වී කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙදෙනෙක් රෝහලෙන් පළා ගොස් ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඊයේ (19) රාත්‍රී 9.10ට පමණ ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචි මව සහ පුතා මෙලෙස රෝහලෙන් පැනගොස් ඇති බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මෙසේ පළා ගිය කොවිඩ් ආසාදිත මව සහ දරුවා සොයා ගැනීම සඳහා මේ වන විට වැඩිදුර විමර්ශන කටයුතු පොලීසිය විසින් ආරම්භ කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *