විදේශීය

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට ප්‍රහාරයක්

‍ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට එල්ල වූ ප්‍රහාරයන්ගෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පුද්ගලයින් 30කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර නිවාස සහ ගොඩනැගිලි රැසකට ද හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාබුල් නුවර ජනාකීර්ණ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර කිහිපයක් සහ මෝටාර් ප්‍රහාර 20කට අධික සංඛ්‍යාවක් එල්ල වී තිබේ.

එරට ආරක්ෂක අංශ සඳහන් කළේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, ඇෆ්ගනිස්ථාන බලධාරීන් සහ තලෙයිබාන් සංවිධානය අතර සාකච්ඡාවක් කටාර්හිදී පැවැත්වීමට පෙර අදාළ ප්‍රහාර එල්ල වීම නිසා මෙම ප්‍රහාර එම සංවිධානය විසින් සිදුකර ඇති බවයි.

කෙසේවෙතත් ප්‍රහාරවල වගකීම තම සංවිධානය භාර නොගන්නා බව තලෙයිබාන් සංවිධානය විසින් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *