දේශීය

අද සහ හෙට සියළු ලංගම බස්රථ ධාවනයට පියවර

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස්රථ අද (21) සහ හෙට (22) යන දෙදින තුළ ධාවනය කරවීමට පියවර ගෙන ඇති බව එම මණ්ඩලය පවසයි.

ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලය සිය සේවකයින්ට සියළු බස්රථ ධාවනය කරන ලෙස දැනුම් දී ඇති බව සඳහන් වේ.

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ සති අන්තයේ සියළු මගී දුම්රිය ප්‍රවාහන කටයුතු නවතා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ජනතාවගේ පහසුව උදෙසා බස්රථ ධාවනය කරවීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ මඟින් ක්‍රියාත්මක කෙරෙන දුරගමන් සේවා ද ක්‍රියාත්මක කරන බවත් ලංකා ගමනාගමන මණ්ඩලය වැඩි සඳහන් කරයි.

හුදකලා කර ඇති ප්‍රදේශවලින් මගීන් නංවා ගැනීම හෝ බැස්සවීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර එවැනි ක්‍රියාවක නිරත වීමට උත්සාහ කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද පොලීසිය දැනුම්දෙයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *