දේශීය

කොළඹ සහ ගම්පහ පොලිස් බලප්‍රදේශ 6ක හුදකලාව ඉවත් කරයි

දැනට හුදකලා කර ඇති කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බලප්‍රදේශ 6ක සංචරණ සීමා අද (23) අලුයම 5 සිට ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල, වැල්ලම්පිටිය,කොළඹ කොටුව සහ කොම්පඤ්ඤවීදිය යන පොලිස් බලප්‍රදේශවල හුදකලා කිරීම් ඉවත් කර තිබේ.

බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී කොට්ඨාශය සහ කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී කොට්ඨාශය තවදුරටත් හුදකලා තත්ත්වයේ පසුවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර  සිල්වා මහතා සඳහන් කරයි.

මීට අමතරව අද අලුයම 5.00 සිට ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත සහ ජා – ඇළ යන පොලිස් බලප්‍රදේශ ද හුදකලා තතත්ත්වයෙන් ඉවත් කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 13ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 05ක් තවදුරටත් හුදකලා තතත්ත්වයේ පසුවන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල්, කොටහේන,ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ, ආදුරුප්පු වීදිය, මාළිගාවත්ත, දෙමටගොඩ, කෙසෙල්වත්ත, මරදාන, පිටකොටුව සහ වේල්ලවීදිය යන පොලිස් බලප්‍රදේශ තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතී.

ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, රාගම, වත්තල, පෑලියගොඩ සහ කැලණිය යන පොලිස් බලප්‍රදේශ ද තවදුරටත් හුදකලා කර තිබේ.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම පොලිස් වසමේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 8ක් තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර  සිල්වා මහතා වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *