දේශීය

IDH රෝහලෙන් පැන යාමට උත්සහ දැරූ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

කොවිඩ් -19 වෛරසය ආසාදිතව කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් රෝහලෙන් පළා යෑමට උත්සහ කිරීමේදී රෝහලේ ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගෙන තිබේ.

මෙම සිදුවීම ඊයේ (22) සවස 6.30ට පමණ සිදුවී ඇති බවත් මේ වන විට එම පුද්ගලයාව ප්‍රතිකාර සඳහා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමුකිරීමට කටයුතු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මෙම කොවිඩ් ආසාදිත පුද්ගලයා 22හැවිරිදි දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහීවී සිටින අයෙකු බවට හෙළිවී තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පසුගිය දින කිහිපය පුරා රෝහල්වලින් පළාගිය කොවිඩ් ආසාදිතයින් මත්ද්‍රව්‍ය චෝදනාවලට සම්බන්ධ පුද්ගලයින් වන බැවින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන් ඒ පිලිබඳව සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?