ක්‍රීඩා

ICC නව සභාපති ලෙස ග්‍රේග් බාර්ක්ලේ පත්වේ

ICC සභාපති ධූරයේ සිටි ශශාන්ක් මනෝහාර් පසු ගිය ජුලි මාසයේ එම තනතුරෙන් ඉවත් වීමෙන් පසු නව සභාපති ලෙස ග්‍රේග් බාර්ක්ලේ පත් වී ඇත.

ශශාන්ක් ඉවත් වීමෙන් පසු එම තනතුරේ වැඩ බලන සභාපති වරයා ලෙස ඉම්රාන් කවාජායි කටයුතු කර ඇත. සභාපති තනතුර සඳහා පැවති ඡන්ද විමසීමේ දී ඉම්රාන් කවාජායි පරාජයට පත් කරමින් තුනෙන් දෙකක ඡන්ද බලයක් ලබා ගනිමින් ග්‍රේග් බාර්ක්ලේ නව සභාපති ලෙස පත් වී ඇත.

ICC සභාපති ලෙස පත්වීමට හැකියාව ඇත්තේ එම තනතුර සඳහාවන ඡන්ද වීමසීමෙන් තුනෙන් දෙකක බලයක් හිමි කර ගන්නා පුද්ගලයාහටයි. එනම් එම මණ්ඩලයේ සිටින සාමාජිකයින් 16දෙනාගෙන් 11දෙනෙකුගේ මනාපය හිමි කර ගන්නා නියේජිතයා හට සභාපති තනතුර හිමි වේ.

නව සභාපති ලෙස පත් වූ ග්‍රේග් බාර්ක්ලේ නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස 2012 වසරේ සිට කටයුතු කර ඇති අතර මේ වන විටත් නවසීලන්තය නියෝජනය කිරමින් ICC මණ්ඩලයේ කටයුතු කරමින් සිටියි.

ඉදිරියේදී එම තනතුරුවලින් ඉල්ලා අස් වී ICC හී නව සභාපති ලෙස කටයුතු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?