දේශීය

කළුතර හා බේරුවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි තීරණයක

කළුතර සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලට අනුයුක්ත සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිය රාජකාරී කටයුතුවලින් ඉවත් වී ඇති බව වාර්තා වේ.

ඒ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, ස්ථාන මාරුවක් කර තිබූ වෛද්‍යවරයෙකු යළිත් වරක් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ම සේවය සඳහා අනුයුක්ත කිරීම හේතුවෙන් විරෝධය පළ කරමින් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත.

පවතින කොවිඩ් වෛරස තත්වය හමුවේ කළුතර සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආශ්‍රිතව සිදු කළ PCR පරීක්ෂණ කටයුතුවලට බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *