සා/පෙළ විභාගය ගැන තීරණය දින 10ක් ඇතුළත – අධ්‍යාපන අමාත්‍ය
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 18 වන දා සැලසුම් කළ දිනට ආරම්භ කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දින 10 ඇතුළත තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේ තෙවැනි පාසල් වාරය සඳහා පාසල් විවෘත කර අදට දින 03ක් ගත වී ඇතිි අතර පාසල් ආරම්භ කළ පළමු දිනයේ සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය 33%ක්, 24 වන දා 44%ක් සහ ඊයේ දිනයේදී එය 51% ක් දක්වා වර්ධනය වී ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
