දේශීය

හලාවත ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් කිහිපයකට සංචරණ සීමා

අද (26) දහවල් සිට හලාවත වැල්ල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 04කට සංචරණ සීමා පැනවීමට පියවර ගෙන ඇත. ඒ අනුව,

  • උතුරු වෙරළබඩ ග්‍රාමසේවා වසම
  • දකුණු වෙරළබඩ ග්‍රාමසේවා වසම
  • කුරුසපාඩුව ග්‍රාමසේවා වසම
  • එගොඩවත්ත ග්‍රාමසේවා වසම

යන ග්‍රාම සේවා වසම් තුළ කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සංචරණ සීමා පනවා ඇත.

පසු ගිය දින කිහිපය තුළ කොවිඩ් ආසාදිතයින් සැලකිය යුතු පිරිසක් හලාවත වැල්ල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති නිසි මෙම තත්වය සැලකිල්ලට ගෙන මෙම ප්‍රදේශවලට සංචරණ සීමා පැන වූ බව සඳහන් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *