දේශීය

PCR ප්‍රතිඵල පරීක්ෂා නොකර පාසලට පැමිණි සිසුවෙකුට කොවිඩ්

වටවල පොලිස් වසමට අයත් කුයිල්වත්ත ප්‍රදේශයේ පාසලක 12වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට කොවිඩ් – 19
වෛරසය ආසාදනය වී ඇති බව PCR පරික්ෂණ වාර්තාව අනුව අද (26) තහවුරු වී තිබේ.

එම සිසුවාගේ සිදුකළ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමට පෙර ඊයේ (25) ඔහු පාසලට පැමිණ ඇති අතර පාසල් බලධාරීන් විසින් ඔහුව යළි නිවසට පිටත්කර යවා ඇත.

වටවල කුයිල්වත්ත දමිළ විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවා ඔහුගේ මිත්තනිය සමග පාසල් නිවාඩුවට තම මව සහ පියා පදිංචිව සිටින ඔරුගොඩවත්ත ප්‍රදේශයේ නිවසට ගොස් ඇති අතර ඉකුත් (24) යලිත් වටවල දක්වා එන අතරතුර ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොලේදි අහඹු ලෙස පාසල් සිසුවාගේ සහ මිත්තනියගේ PCR පරීක්ෂාවක් සිදුකර ඇත.

අඹගමුව කොවිඩ් -19 ප්‍රාදේශීය සම්බන්ධීකරණ විශේෂ ඒකකයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ එහිදී පාසල් සිසුවා කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති බවයි.

අසාදිත පාසල් සිසුවා ඊයේ දින පාසල් භුමියට පැමිණිම නිසා එම පාසල විෂබිජහරණයට ලක් කිරිමට බලධාරීන් අද (26)  පියවර ගෙන ඇත.

මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා වැඩි දුරටත් සදහන් කළේ මිත්තනියගේ PCR පරික්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති අතර අසාදිත පාසල් සිසුවා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට පියවර ගෙන ඇති බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?