කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් තාවකාලිකව වැසේ
කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට සිට සතියක කාල සීමාවක් වසා දැමීමට තීරණය කර ඇති බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සඳහන් කර ඇත.
කල්මුණේ ප්‍රදේශයේ කළ අහඹු PCR පරීක්ෂණ තුළින් කොවිඩ් වෛරස ආසාදිතයින් පිරිසක් වාර්තා වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
ආණ්ඩුකාරවරිය වැඩි දුරටත් සඳහන් කළේ අක්කරෙයිපත්තු, සයින්දමරුදු සහ අඩ්ඩාලච්චේන යන ප්‍රදේශවල සිටින ජනතාවටත් මෙම අවධානම් සහගත තත්වය පැවති බැවින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් කටයුතු කරන ලෙසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
