දේශීය

මඩකලපුව විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමට කටයුතු කරනවා – අමාත්‍ය ජී.එල්. පීරිස්

නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් මඩකලපුව පුනානිහී ඉදිකර තිබූ පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසිත් ප්‍රකාශ කර ඇත.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමෙන් පසු වෙනත් විශ්වවිද්‍යාලවල ඇතුළත් කරන සිසුන්ට ප්‍රයෝජනය සඳහා එම විශ්වවිද්‍යාලය සම්පත් භාවිතා කිරීමට කටයුතු කරන බවයි.

අද පාර්ලිමේන්තුවෙදි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන විසින් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *