අද කාලගුණය
ඉදිරි පැය 24 තුළ දී ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන තත්වයක් ඇති විය හැකි බවත් ඉදිරි දිනයන්හී කාලගුණය කෙරෙහි මෙම තත්ත්වය බලපාන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
අද සවස් වරුවෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් ඌව, මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයකට ඇති විය හැකි බවත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ඇති වීමට ද හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
