ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට ජය
අද (28) දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර හා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමය අතර පැවති තරගයේ ජය දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනූ මහනුවර කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට දඹුල්ල වයිකින්ග් කණ්ඩායම ආරාධනා අවස්ථාව දෙන ලදි.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල වයිකින්ග් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 195ක් ලබා ගැනීමට සමත් විය.
නායක දසුන් ශානක පන්දු 37ක දී පහර 4ක් සහ හතරේ පහර 8ක් සමග ලකුණු 73ක් වාර්තා කළ අතර පටෙල් පන්දු 38ක දී ලකුණු සංඛ්‍යාව 58ක් වාර්තා කිරීමට සමත් විය.
නිරෝෂන් දික්වැල්ල සමග ඉනිම ආරම්භ කළ ඕෂද ප්‍රනාන්දුට ලකුණු 10ක් ලබා සිටියදී ආබාධයකට ලක්වීම සිදුවීම නිසා පිටියෙන් ඉවත් වීමට සිදු විය.

නවීන් උල් හක් සහ අසේල ගුණරත්න පන්දු යැවීමේ දී කඩුලු 2 බැගින් බිද හෙලා ගන්නා ලදි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි ටස්කර්ස් ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් පන්දුවාර 9.4ක් ක්‍රියාත්මක වී කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 84ක් ලබා සිටිය දී තරගය නතර කිරීමට සිදු විය.
කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 34ක් සහ රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 30ක් රැස් කළ නමුත් තරගය ජය ගැනීමට නම් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ඒ වන විට ලබා ගත යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව 89ක්.
පන්දු යැවීමේ දී අන්වර් අලී, මාලින්ද පුෂ්පකුමාර සහ ළහිරු මදුෂංක යන අය හට එක් කඩුල්ල බැගින් ලබා ගැනීමට හැනි විය.
තරගයේ වීරයා සම්මානයෙන් හිමි වූයේ දසුන් ශානක හටයි.
කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ ක්‍රීඩා කළ තරග දෙකම මේ වන විට පරාජයට පත්ව තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
