විදේශීය

කාලගුණය දරුණු වෙයි – චෙන්නායි ගුවන්තොටුපළට යානා ගොඩ බැස්සවීම අත්හිටුවයි

අධික වැසි සමග පවතින සුළං තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපළට යානා ගොඩ බැස්සවීම අද (11) පස්වරු 6.00 දක්වා අත්හිටුවා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මගී ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් ගුවන්තොටුපොළ බලධාරීන් මෙම තීරණය ගෙන තිබෙන අතර ගුවන්තොටුපොළින් යානා පිටත්වයාම් නියමිත අකාරයට අඛණ්ඩව සිදු කෙරෙන බව වාර්තා වේ.

අද (11) දිනයේ බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය තමිල්නාඩු ප්‍රාන්තය හරහා ගමන් කරනු ඇතැයි ඉන්දීය කාලගුණ බලධාරීන් මීට පෙර සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත් අඩු පීඩන කලාපය හේතුවෙන් තමිල්නාඩුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට රතු නිවේදනයක් ද නිකුත් කිරීමට එරට කාලගුණ බලධාරීන් පියවර ගෙන ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *