අන්තරේ කැඳවුම්කරු ඇතුළු 5දෙනාට ඇප
කොතලාවල පනතට එරෙහි විරෝධතාවට සහභාගි වීම නිසා අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පස්දෙනා ඇප මත නිදහස් කර තිබේ.
කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප 2ක් සහ රුපියල් 10,000ක මුදල් ඇපයක් මත ඔවුන් මුදාහරින ලෙස හෝමාගම මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද (11) නියෝග කළේය.
අගෝස්තු 3 වන දා පැවති විරෝධතාවයේදී පොදු දේපළ වලට හානිකළ බවට චෝදනා කරමින් චමීර කොස්වත්ත, කෝෂිලා හංසමාලි, වසන්ත මුදලිගේ, හේෂාන් හර්ෂණ, අමිල සන්දීප යන අය දින 100ට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

