ක්‍රීඩා

T20 අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ ?

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද (11) ඩුබායිහිදී පකිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත් වීමට නියමිතව තිබේ.

තරග මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ආරම්භ වේ.

සුපිරි 12 දෙනාගේ වටයේ දී පකිස්තාන කණ්ඩායම තරග කළ තරග වට 5 ම ජය ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

පළමු ඛාණ්ඩයෙන් තරග වැදුනු ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරග කළ තරග වට පහෙන් තරග 4 ක් ජය ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේය.

ඒ අනුව අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා නවසීලන්ත කණ්ඩායම සමග එළඹෙන 14 වනදා තරග වැදීමට නියමිත වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?