පොලිස් කොස්තාපල්වරයෙකු ටිපර් රථයකට යටකර ඝාතනය කෙරේ
නිකවැරටිය, කොබෙයිගනේ පොලිස් වසමේ සිදුකළ වැටලීමක් අතර තුර ටිපර් රථයකින් පැමිණි අයෙක් පොලිස් නිලධාරියෙක්ව යටකර පළා ගොස් තිබේ.
ඊයේ (28) රාත්‍රීයේ නීති විරෝධි වැලි ජාවාරමක් සම්බන්ධයෙන් සොයා බැලීමට 5දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගිය අවස්ථාවේදී වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක් නැවැත්වීමට පොලිස් නිලධාරීන් විසින් උත්සහ කිරීමේ දී එහි රියදුරු පොලිස් කොස්තාපල්වරයෙක් මෙලෙස යටකර තිබේ.
ඉන් බරපතල තුවාල ලැබූ කොස්තාපල්වරයා නිකවැරටිය රෝහලට ඇතුලත් කළ අතර ඒ වන විටත් ඔහු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
සිද්ධියෙන් මිය ගිය කොස්තාපල්වරයා කොබෙයිගනේ පොලිස් ස්ථානයට අනියුක්ත 32හැවිරිදි දෙදෙරු පියෙකි.
පළාගිය ටිපර් රථ රියදුරා සොයා පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
