මහරට පත් කළ කමිටුව මහරට යයි
අද (03) මහර බන්ධනාගාරයේ පවතින තත්ත්වය පිළිබඳ විමර්ෂණය කිරීමට නියමිතව ඇත.
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්රී මහතා විසින් සඳහන් කළේ ඒ සඳහා පත් කළ කමිටු සාමාජිකයන් බන්ධනාගාරය වෙත ගොස් එම නිරීක්ෂණ කටයුතු වල නිරත වීමට සුදානම් බවයි.
අද පාර්ලිමේන්තුවේ දී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැහැදිලි කර ඇත.
මේ පිළිබඳ තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වා ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
