ජැෆ්නා ස්ටැලියන්ස් සහ කළම්බෝ කිංග්ස් අද තරග පිටියේ
ලංකා ප්‍රීමියර් ලීග් (LPL)ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (04) පැවැත් වීමට නියමිත වේ.
ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කළම්බෝ කිංග්ස් සහ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර තරගය අද රාත්‍රී 7.30 ආරම්භ වේ.
මේ වන විට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පිට පිට තරග වට හතරක් ජයගෙන ඇති අතර ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටීමට ඔවුන්ට හැකි විය.
කළම්බෝ කිංග්ස් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ 03වන තැන සිටින අතර අද පැවැත් වීමට නියමිත තරගයෙන් ඔවුන්ට තම ප්‍රසාද ලකුණු මට්ටම වෙනස් කර ගැනීමට හැකියාව ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
